Kadawara Yahana - හග්ගල දෙවියෝ

හග්ගල දෙවියෝ

 

නුවර එළිය දිස්ත්‍රික්කයට අයත් හග්ගල ප්‍රදේශයට උරුම කම් කියන දෙවි කෙනෙක් ලෙස හග්ගල දෙවියන් සුවිශේෂී වේ.පුරාණයේ මෙම ප්‍රදේශයේ එක් ගුහාවක වාසය කරන්නට යෙදුනු මිනිසෙකු හක් පිඹීම නිසාවෙන් එම ග්‍රාමය පසුව "හක්ගල"වූ අතර, හක් පිඹීම නිසාම එතුමන් දේවත්වයට පත්වුණ බව පැරණ්නන්ගේ මතයයි.

හක්ගල දෙවියන් කතරගම දෙවියන්ගේ අනුගමික දෙවි කෙනෙක් ලෙස වැඩවසන බවට මතයක් ඇත.අදටත් අඟහරුවාදා හා සිකුරාදා යන දිනයන් හිදී හරියටම මධ්‍යම රාත්‍රියේ දී(කාලි මෑණියන් වඳනාමාන කරන දිනයන් හිදී) හක්ගල කන්ද මුදුනින් එම හක් පිඹින හඬ  ඇසෙන බව ප්‍රදේශ වාසීන් පවසයි.